"..මචං මට ගහපන්, මේ අම්මගෙ ගෙදර.." ඉරාජ් වීරරත්න හඩා වැටෙයි..! නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන වීඩීයෝවකින් ඇවිත් සංවේදීව කියූ දේ..(VIDEO)

Sri Lankan protests Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest Gota Go Gama
By Sewvandhi May 11, 2022 12:20 PM GMT
Report

සංගීතමය සහ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මහත් ආන්දෝලනයට ලක් වූ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි සුවිසල් නිවසට ඊයේ (10) යම් කිසි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ගල් මුල් ප්‍රහාරය හේතුවෙන් එම නිවසට තරමක අලාභහානි සිදු වී ඇති බව යි වාර්තා වන්නේ. 

 අදාළ පහර දීම සඳහා 50කට අධික පිරිසක් එක් රොක් වී සිටි බව ඔහුගේ අසල්වැසියකු පවසා සිටියා. මෙම ප්‍රහාරය නිවසට එල්ල වන අවස්ථාවේ ඒ අවට හමුදා සහ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබූ බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් අනතුරු ව නිවසට පැමිණ සමාජ මාධ්‍යය වෙත වීඩියෝවක් නිකුත් කළ ඉරාජ් වීරරත්න පවසා සිටියේ, ප්‍රහාරය එල්ල කළ නිවස සිය මවගේ නිවස බව යි. දැඩි කම්පනයකින් අදහස් ප්‍රකාශ කළ ඉරාජ් එම වීඩියෝවේ එක්තරා අවස්ථාවක අදහස් දැක්වීමේ දී සංවේදී වන අයුරු දක්නට පුළුවන්.

පැවති රජයට දැඩි පක්ෂ්පාතිත්වයක් දැරූ ඉරාජ් වීරරත්න, කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන අරගලය විරෝධතා ව්‍යාපාරයට දැඩි ලෙස පහර ගසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වුණා.

එක්තර අවස්ථාවක කොළඹ නෙලුම් පොකුණ රඟහල අසලින් ගමන් ඇරඹූ මහා සංඝයා ප්‍රමුඛ පා ගමනක් සංවිධානය කිරීමේ තිරය පසුපස වැඩි වැඩ කොටස ඉටු කළේ ද ඉරාජ් වීරරත්න යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now