ගෑස් සහනාධාරයක් සමග පෙට්‍රල් සහ ඩීසල් මිලත් අඩු වෙයි..
Government Of India
India
By krishani
ඉන්දීය රජය මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීම නිසා ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.
ඒ නිසා පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 9 යි ශත 50කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් අඩුවන බවයි එරට මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර සිටින්නේ.
ඉන්දියාව මෙලෙස ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ ඉහළ යන උද්ධමනය සමනය කර ගැනීමටයි.
මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 200ක සහනාධාරයක් ලබාදීමට මෙන්ම එය වසරකට ගෑස් සිලින්ඩර 12 ක් සඳහා එම සහනාධාරය බලපැවැත්වෙනු ඇති බවද ඉන්දිය රජය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |