ලිංගික චෝදනා ලැබූ විගසම වස පානය කළ පුහුණුකරු - වැඩි විස්තර මෙතැනින්..

Cricket Sexual harassment India Child Abuse
By Sewvandhi Apr 07, 2023 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරුවෙකු උත්තරකාන්ද් (Uttarakhand) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ බාලවයස්කාර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබීම නිසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු වස පානය කර ඇති අතර පසුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණු අතර ඔහු රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම ලිංගික අතවර කිරීම් සහ ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට නඩු පවරා ඇති බව වාර්තා වනවා.

මීට අමතරව උත්තරකාන්ද් ප්‍රාන්ත ළමා අයිතිවාසිකම් සුරැකීමේ කොමිසමේ හිටපු සභාපතිනි ඌෂා නේගි (Usha Negi) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මධ්‍යම අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා (Amit Shah) සහ තවත් බලධාරීන් කිහිපදෙනෙකු වෙත ද දැනුම් දී ඉල්ලා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට දැඩි දඩුවම් ලබා දෙන ලෙසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now