ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අද ජනපති හමු වී සිදු කරන්න යන විශේෂ දේ මෙන්න..
වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද(02) පැවැත්වීමට නියමිතයි.
මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකග වන බව පසුගිය සතියේ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11හේ නායකයන් ජනාධිපතිවරයාට දන්වා තිබුණේ, වෙනත් පාර්ශව සහභාගි කරවා ගැනීමකින් තොරව පවත්වන සාකච්ඡාවකට සිය පාර්ශව එකඟ බවයි.
ඒ අනුවයි පසුගිය සිකුරා දා මුල් වරට ස්වාධීන කණ්ඩායම ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා සිදු කළේ. එහි දී වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබූ අතර අන්තර් වාර පාලනයක් සඳහා වත්මන් ආණ්ඩුව ඉවත්වීම පිළිබදව සාකච්ඡා වී තිබුණා. එම සාකච්ඡාවේ දිගුවක් ලෙසයි අද මෙම හමුව පැවැත්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |