නිදහස් උත්සවය අතරේ සිසුන් සහ ආරක්ෂ අංශයේ 18කට හදිසියේම සිදු වූ දේ මෙන්න..(PHOTOS)
ශ්රී ලංකාවේ 74 වැනි නිදහස් දින උත්සවයක් අද පෙරවරුවේ වව්නියාව නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම උස්තවයේදී සිසුන් ඇතුළු 18 දෙනකු හදිසියේ ක්ලාන්ත වීමෙන් පසු ඔවුන්ව ප්රථමාධාර ලබාදීම සඳහා යොමුකර තිබෙනවා.
පාගමනට සහභාගි වූ පාසල් සිසුන්, සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්, පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් නිදහස් දින පෙළපාලිය සඳහා සම්බන්ධවී සිටියා.
සිසුන්, සෙබළුන්, පොලිසිය සහ සිවිල් වැසියන් පිරිසක් පැයක පමණ කාලයක් උත්සව භූමියේ රැඳී සිටි අතර,අධික හිරු රෂ්මියේ බලපෑමෙන් සිවිල් ආරක්ෂක බළකායේ 05ක්, සිසුන් 13 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 18 දෙනෙකු සිහිසුන් වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඔවුන් වහාම රතු කුරුස ස්වේච්ඡා සේවකයන් විසින් රැගෙන ගොස් ප්රථමාධාර සඳහා ගිලන් රථ වෙත යොමු කෙරුණා.
මෙම අවස්ථාවට දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති සහ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.දිලීපන් මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ඔහු නිරීක්ෂණය කිරීමෙන් පසු ප්රකාශ කළේ, සිසුන් බොහෝ දෙනෙකු ක්ලාන්ත තත්ත්වයට පත්ව ඇති බවයි.
අනතුරුව සිසුන්ට, සිවිල් ආරක්ෂක නිලධාරීන්ට, පොලිසියට සහ හමුදාවට පිටියෙන් විසිර යාමට ඉඩ සැලසීම විශේෂත්වයක්.
එහි ඡායා රූප පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








