අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇගවීමක් කරයි මෙන්න...

Weather
By Subodha Aug 06, 2022 09:39 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අද (06) මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු සහ උතුරු මැද පළාත්වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ දිස්ත්‍රික්ක අටකට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක වන බවයි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ.

මාවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම අඩියක් පමණ උසට පැමිණ ඇති බවයි . ජලාශය භාර ඉංජිනේරුවන් පැවසුවේ. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now