ඉම්රාන් ඛාන්ට සැත්කමක් - වෙඩි තැබූ හේතුවත් හෙළිවෙයි..!

Pakistan Imran Khan
By Sewvandhi Nov 04, 2022 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක්වුණා. ඒ පකිස්තානයේ ගුජ්රාන්වාලා හීදී පැවති ජනරැළියක් අමතමින් සිටියදීයි. ජන රැළිය සංවිධානය කර තිබුණේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් PTI පක්ෂයයි.

පාකිස්ථානයේ බලයෙන් පහකළ අගමැති ඉම්රාන් ඛාන්ගේ කකුලට වෙඩි උණ්ඩයක් වැදීමෙන් අස්ථියක් කැඩී ඇති බවත් ඔහුගේ කලවා ප්‍රදේශයටද වෙඩි වැදී ඇති බවත් පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ජ්‍යෙෂ්ඨ නායක අසාද් උමාර් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා 

 ඛාන්ගේ හිටපු ප්‍රවෘත්ති අමාත්‍ය සෙන් ෆවාඩ් චෞද්‍රි පවසා තිබෙන්නේ ඛාන් ශල්‍යකර්මයකට භාජනය වන අතර තවත් හය දෙනෙකු තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබන බවයි.

ඉම්රාන් ඛාන් වේදිකාව මත සිට පක්ෂයේ ආධාරකරුවන් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ සැකකරු පොලීසිය අත්අඩංගුවටගෙන තිබු අතර එහිදී ඔහු පාපොච්චාරණයක් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා.

එහිදී එම සැකකරු පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් මිනිසුන් නොමඟ යවන බැවින් ඊට එරෙහිව එම වෙඩි තැබීම සිදුකළ බවයි.

එය හුදෙක් තමන්ගේ සැලසුමක් පමණක් බවත්, ඒ සඳහා දේශපාලනමය මැදිහත්වීමක් හෝ ආගමික මැදිහත්වීමක් මෙන්ම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක මැදිහත්වීමක්ද නොමැති බවට සැකකරු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි වැදීමෙන් ඔහුගේ පාදයට තුවාල සිදුව ඇතැයි PTI පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරුව ඉම්රාන් ඛාන් රෝහල් ගත කර තිබුණා. කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඊයේ වාර්තා වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now