ප්‍රතිශක්තිය වර්ධනය වන කෑම වර්ග පෙලක් මෙන්න...
World Health Organization
Ministry of Health Sri Lanka
Healthy Food Recipes
By Subodha
අපේ ශරීරයට ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය අපේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්. වසර දහස් ගණනකට පෙරාතුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිය පිළිබඳව දක්වා ඇති අතර රෝග සුව කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් නිරෝගී බව රැක ගැනීම යන කාරණා දෙකම එක ලෙස වැදගත් බව කියා තිබෙනවා. ප්‍රතිශක්තිය වර්ධනය කිරිම සදහා අවශ්‍ය ආහාර පෙලක් පහතින් සදහන්.
- ඩාක් චොකලට්
- කොත්තමල්ලි
- වෙනිවැල් ගැට
- කහ
- බතල
- නිවිති
- බිත්තර
- ඉඟුරු
- සුදු ලූණු හා ලූණු
- බ්ලූ බෙරි
- දෙළුම්
- බ්‍රොකලි
- ග්‍රීන් ටී
- වට්ටක්කා
- රතු මස් වර්ග
- ග්‍රීන්පීස්
- මුදවපු කිරි/යෝගට්
- මී පැණි
- කොළ පැහැති එළවළු
- අල වර්ග ( බතල, කැරට්, බීට්, අල, අර්තාපල්)
- මුහුදු ආහාර
- විටමින් සහිත පලතුරු
දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය වැඩිදියුණු කිරීම සඳහා කහ, විටමින් C බහුල ආහාර, වියළි පළතුරු, ඇටවර්ග, කටුව සහිත ගෙඩි, බිම්මල්, මස් සහ මාළු, කිරි නිෂ්පාදන උපකාරී වන අතරම නිසි පෝෂණය සැමවිටම බොහොමයක් රෝගවලින් ආරක්ෂා වීමට ඉවහල් වේ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |