IMF එකෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්..!!!

Sri Lanka Politician Sri Lanka IMF Sri Lanka
By Aruna May 20, 2022 06:00 AM GMT
Report

ශ්‍රී ලංකාව සඳහා ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන 24 වන දා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප්‍රකාශක ජෙරී රයිස් බ්‍රහස්පතින්දා (මැයි 19) මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්ටර්නෙට් ඔස්සේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනයන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

IMF ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට තමන් කැපවී සිටින අතර එහිදී මුහුණ දෙන අර්බුදය කාලෝචිත ලෙස විසඳීමට සහය දැක්වීම සඳහා තම පාර්ශවකරුවන් සමග සම්බන්ධ වන බවට ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now