ස්වාධීන මන්ත්‍රීවරු ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා සංකල්පමය වශයෙන් එකඟ වෙයි..!
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සමඟ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවලදී සංකල්පමය එකඟතාවකට පැමිණ තිබේ.
ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ශව කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය (මහාචාර්ය) ජී එල් පීරිස්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය (ආචාර්ය) රමේෂ් පතිරණ, සහ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරති. නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීවරුන් නියෝජනය කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |