ගමක් කම්පා කළ ඉදුනිල්ගේ මරණයට හේතුව හෙළිවෙයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 15, 2023 03:00 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පහර දීමකින් ජීවිතක්ෂයට පත් වූ, හඟුරන්කෙත පල්ලේබෝවල, බඹරගම ගම්මානයේ පදිංචි ව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුමගේ මෘත දේහය අද (15) ඥාතීන් වෙත භාර දී තිබේ.

පසුගිය අප්‍රේල් 19 වැනිදා මොට ආයුධයකින් පහර දී හිසට ඇති වූ තුවාල සහ දරුණු කම්පන තත්ත්වය තරුණයාගේ මරණයට හේතුවී ඇති බවයි, පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් වන්නේ.

පසුගිය 12 වැනිදා ,පහර දීමෙන් බරපතළ ලෙස තුවාල ලබා මාස පහක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුනිල්, සිය ජීවිතයෙන් සමුගත්තේය. දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණු ඉඳුනිල්ගේ නිවසට දේහය රැගෙන ඒම පවා ගැටලුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුගේ දේහය තැම්පත් කර ඇත්තේ, තරුණයාගේ ඥාති නිවසකය.

කෙසේ වෙතත් තම දරුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොවූ බවට ඉඳුනිල්ගේ ඥාතීහු චෝදනා කරති. මාරාන්තික පහරදීම්වලින් මාස පහක් තිස්සේ සිහිසුන් ව සිට මියගිය ඉඳුනිල් අද අවසන් ගමන් යන්නේ, යුක්තිය ඉටු නොවූ පසුබිමක වීම කනගාටුදායක තත්ත්වයකි.