දන්න නොදන් හැමෝටම මෙන්න ගෙනාවා ඉඔුල් කිරිබත් රෙසිපි...
අපි හැමෝම කැමති හැමදාම එකම කෑම නොකා වාවාධ කෑම කන්න එහෙම කන්න ආස අපි හැමෝටම මෙන්න ගෙනාවා ඉඔුල් කිරිබත් රෙසිපි එකක්
අවශ්‍ය ද්‍රව්‍ය-
- සුදු කැකුළු හාල් කෝප්ප 2
- මිටිකිරි සීනි කෝප්ප 1
- එනසාල් ඇට 2-3ක්
- ගාගත් පොල් කෝප්ප 2
- ලුණු
සාදන අයුරු -
හාල් සෝදල දියකිරි ලුණු දාලා ලිපේ තියල බත ඉදුණම මිටිකිරි එකතු කරල සාමාන්‍ය කිරිබතක් හදාගන්න. පැණිපොල් හදාගන්න වතුර නැති වියලුණු භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් මේකට වතුර කෝප්ප කාලක් වගේ දාලා හැඳි ගාන්න. සීනි ටික පැණිපත් වෙලා බුබුළු දානකොට එනසාල් ඇට ටික එකතු කරන්න. දැන් ගාගත් පොල් ටික එකතු කරන්න. ලුණු දාගෙන පොල් ටික හොඳට තෙත හිඳෙනකම් පිසගෙන ලිපෙන් බාගන්න. ඉඹුල් කිරිබත් හදන්න ඕනෙ උණුවෙන්. ඒ නිසා කොළපත් තියන අය ඒකෙනුත් නැති අයට ඉටි කොළයක් හෝ තවාගත් කෙසෙල් කොළයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
ඉටි කොළයට කිරිබත් ලොකු හැන්දෙන් එකක් දාලා තුනී කරලා ඒක උඩින් පොල්පැණි මිශ්‍රණයෙන් ටිකක් දාලා දෙපැත්තෙන් රෝල් කරගන්න. හොඳට තදට එතුනම හිමීට ගලවලා හයි වෙන්න තියන්න. මේ විදියට කිරිබත නිවෙන්න කලින් ඔක්කොම ඉඹුල් කිරිබත් ටික හදාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |