නිවසේ කාමරයක බිරිඳව සිරකර නිවසට ගිනි තැබු සැමියා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Fire
By krishani Aug 14, 2023 02:57 PM GMT
krishani

krishani

in අපරාධ
Report

තම බිරිඳව නිවස තුළ සිරකර නිවසට ගිනි තැබූ සැමියෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර - රජවත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාර සැමියා පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) ඔවුන් දෙදෙනා අතර පැවති ආරවුලක් හේතුවෙන් සැකකරු බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක් තුළ සිරකර නිවසට ගිනි තබා ඇත.

එම අවස්ථාවේ දී අදාළ කාන්තාව නිවසින් පිටතට පැන මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත.

කෙසේ වෙතත්, පසුව සිද්ධියට අදාළව සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.