සුපිරි අවන්හලකට පැන, සියල්ලන් බිය ගන්වමින් සිදු කළ දේ කැමරා කාචයේ සටහන් වෙයි..(CCTV VIDEO)

resturant Thalangama CCTV video
By Sewvandhi Feb 27, 2022 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තලංගම සුපිරි අවන්හලකට යකඩ පොලු රැගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් එහි සේවකයින් ට හා දේපළවලට හානි කරන අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

එම පුද්ගලයින් විසින් අවන්හලේ තිබූ රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් හා දුම්වැටි බන්ඩල් 12ක් පැහැරගෙන ගොස් ඇතැයි තලංගම පොලීසිය පවසයි.

පහරදීම සිදුවන අවස්ථාවේ දී අවන්හල තුළ ආහාර ගැනීමට පැමිණි පාරිභෝගිකයින් රැසක් සිටි බව වාර්තා වේ.

මංකොල්ලය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 6,179 ක් සමග තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ජයවර්ධනපුර ප්‍රදේශයේ පදිංචි 42 පුද්ගලයෙකි. 

අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

(දර්ශන අයිතිය -අද දෙරණ )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now