වරදින්න පෙර ඔබත් දැන ගන්න. විෂ බිම්මලක් හඳුනා ගන්න විදිය මෙන්න..
හතු යනු ලොකු කුඩා කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රිය කරන කෑමක් . හතු විවිධ ආකාරයේ හතු වර්ග ඇත. ආහාරයට ගන්නා හතු පමණක් නොව විෂ හතුද තිබේ. හතු ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක් ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.
ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්, කොප්රීන්, මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්, ඉඩොටොනික්, ඇසිඩ්, මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය, අක්මා ආසාදනය, සිහිමද ගතිය, ලේ සමඟ ශ්ලේෂ්මළ සහිත පාචනය, හිසරදය, මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය. උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා පවතී. වැරදීමකින් හෝ නොදනුවත් කම මත බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම අනිවාර්ය කරුණකි
විෂ බිම්මලක් හඳුනා ගන්න අයුරු.
තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින් යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර බිම්මල්වලින් ඇලෙන සුළු ශ‍්‍රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර අවස්ථාවල ඌරු කොටු, කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය. සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ සහිතය.
සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ‍්‍රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු බිම්මලකි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |