පොලිස් කොස්තාපල්ට පොරවෙන් කෙටූ අයුරු කැමරාවේ සටහන් වෙයි..බිහිසුණු වීඩියෝව..(CCTV VIDEO)

Ambalanthota CCTV Video police constable Ax attack trafic officer
By Sewvandhi Feb 06, 2022 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අම්බලන්තොට නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පොරවකින් පහරදීමේ සිද්ධියක් වාර්තා වුණේ ඊයේ දිනයේයි. එම පහරදීම අසල වෙළෙඳ සැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබුණා.

පොරෝ පහරට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ප්‍රහාරයෙන් අනතුරුව පලාගොස් වස පානය කළ සැකකරු ද රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ පසුගිය 25 වැනිදා මෙම පුද්ගලයාට දඩ පත්‍රිකාවක් නිකුත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඉලක්ක කර මෙම පොරව පහර එල්ල කර ඇති අතර, ඒ හා සමාන හැඩරුව ඇති වෙනත් කොස්තාපල්වරයෙකු මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක‍ෂණ පවත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now