නින්දෙන් අවදි වන විට යට ඇඳුම පමණයි තිබුනෙ..අනෙක් ඇඳුම් තිබුනෙ නාන කාමරයේ..නින්දෙදිම හෝටලේදි තරුණියට වෙච්ච දේ.

Accident Sri Lanka Gossips Kollupitiya Jermaine girl
By Aruna Feb 09, 2022 07:01 AM GMT
Report

ජර්මන් ජාතික 32 හැවිරිදි තරුණියක් කොල්ලූපිටිය හෝටලයක් තුළදී මත්කර ඇයට නොදැනෙන සේ අතවරයට ලක් කළ බව කියන 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

32 හැවිරිදි ජර්මන් ජාතික තරුණිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලැබීමට නියමිතය.

සැකකාර ව්‍යාපාරිකයා වසර හයක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයකු වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් 18 වැනි දින මෙරටට පැමිණි ඇය තංගල්ල ප‍්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට අනතුරුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කර තිබේ.

සැකකාර ව්‍යාපාරිකයා සමග මහනුවර ප‍්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද වාර්තා විය.

පසුගිය 6 වැනි දින මෙරටින් පිටව යෑමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 4 වැනි දින කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලයකට පැමිණ එදින රාත‍්‍රී සමාජ ශාලාවකට දෙදෙනා ගොස් ඇති අතර පසුදින අලූයම 4 වන තෙක් එහි රැඳී සිට ඇත.

එහිදී ඇය වොඩ්කා පානය කර ඇති අතර තරුණයා ද මත්පැන් පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තරුණියගේ ක්‍රෙඩිට් කාඞ්පත එහිදී අස්ථානගත වී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා එය එතරම් ගණන් නොගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී අනතුරුව තරුණිය පමණක් ත‍්‍රීරෝද රථයකින් නැවතී සිටි කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලය වෙත පැමිණ ඇතැයි පොලිසිය කියයි.

තරුණිය හෝටලයට පැමිණි පසුව යම් අපහසුවක් දැනී ඇති අතර ඇයට නොදැනීම ඇයව දූෂණයට ලක්ව ඇතැයි පරීක්ෂා කිරීමේදී හඳුනාගෙන ඇත.

ඇය සැකකරන්නේ හෝටලයේ ගත කරන අතර වාරයේදී හෝ වොඩ්කා පානයට මත්වීමට යමක් මුසුකර ලබාදී දූෂණය කර ඇති බවටය.

දූෂණය ගැන සාක්ෂි සැලයීමට තරුණිය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලැබීමට නියමිතය.

තමන් නින්දෙන් අවදි වන විට යට ඇඳුම පමණක් තිබූ බවත් අනෙක් ඇඳුම් නාන කාමරය තුළ තිබූ බවත් ඇගේ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now