ගැබිණියක් වන යුද හමුදා සෙබලියගේ උදරයට කැත්තෙන් කෙටූ සැරයන් රිමාන්ඩ් කරයි... බිහිසුණු සංවේදි සිදුවීම...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Nov 20, 2023 03:59 PM GMT
Report

ගැබිණියක වන යුද හමුදා සෙබලියකගේ උදරයට කැත්තකින් පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු හොරොව්පතාන පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

තුවාල ලෑබූ සෙබලිය හොරොව්පතාන රෝහලට ඇතුලත් කළ බවයි වාර්තා වන්නේ.

පහරදුන් සැරයන් වරයාගේ බිරිද සහ පුතාද ඇයට පහරදුන් බැවින් ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Gagana

මෙම සෙබලියගේ නිවස වැසි ජලයෙන් ආරක්ෂා කර ගැනීම සදහා සකස් කල පස් බැම්මක් නිසා සැරයන්ගේ නිවස ජලයෙන් යට වී තිබුණා.

මේ හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.