වැඩිය ගණන් නැතිව ගෙදරදිම තේ මේසෙට ලැවරිය හදමු ...

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Sep 08, 2022 12:08 PM GMT
Subodha

Subodha

in රචනා
Report

අපි හැමෝම කැමති හවස තේ වෙලාවට උණු උණුවේ මොනාම හරි කන්න. කඩෙන් ගන්නවනම් මේ දවස් වල අපිව විකිනෙනවා ඉතින් මේ කියන්න හදන්නේ ලෙහෙසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන් කෑමක් ගැනයි. ඒ ලැවරියයි අපි අද බලමු ඒවා හදන්නේ නොහොමද කියලා.


අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බැදපු හාල් පිටි ග්‍රෑම් 250
  • ඇල් වතුර අවශ්‍ය පරිදි
  • රස අනුව ලුණු
  • පැණි පොල් සාදා ගැනීම:-
  • ගා ගත් පොල් කෝප්ප 1යි
  • සීනි ග්‍රෑම් 50
  • වතුර කෝප්ප 1/2
  • රස අනුව ලුණු


සාදන ආකාරය:-

  • භාජනයකට හාල් පිටි සහ ලුණු දමා හොදින් මිශ්‍ර කර දැන් වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නො ඇලෙන සේ පිටි මිශ්‍රණය ඉදි ආප්ප පදමට සාදා ගන්න. පොල් පැණි සාදා ගැනීම සදහා භාජනයක් ලිප තබා සීනි එකතු කර රන්වන් පාට වන තෙක් උණු කර රන්වන් පාට උණ පසු වතුර හා රස අනුව ලුණු එකතු කර අවසානයට පොල් ටික එකතු කර හොඳින් මලවා ගන්න .
  • කලින් සාදා ගත් පිටි මිශ්‍රණයෙන් පිටි ගුලියක් ගෙන ඉදිආප්ප වංගෙඩියට දමා තෙල් ආලේප කර ගත් කෙසෙල් කොලයක් මතට ඉදිආප්ප රැලි රවුම් ආකාරයට වක් කර එහි පැත්තකට සාදා ගත් පොල් පැණි දමා දැන් කෙසෙල් කොල ආදාරයෙන් පොල් පැණි නොදැමු පැත්තෙන් ඔසවා පොල් පැණි දැමූ පැත්ත මතට හරවා ගන්න. සාදා ගත් ලැවරිය ඉදිආප්ප තට්ටු මත අතුරා හුමාලයෙන් තම්බා ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now