හැමදාම කන කෑම වෙනුවට වෙනස්ම රසයක බටර් නාන් රස බලමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis India
By Subodha Jul 05, 2022 11:08 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අද අපි කියලා දෙන්න යන්නේ රසවත් ඉන්දියානු කෑමක් වන  බටර් නාන් එකක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.අපි මුලින්ම බලමු කොහොමද මේ ගාර්ලික් බටර් නාන් සාදා ගන්නේ කියලා 

අවශ්‍ය ද්‍රව්‍ය :-
  • පාන්පිටි ග්‍රෑම් 500
  • බේකින් පව්ඩර් තේහැඳි 1
  • බේකින් සෝඩා තේහැඳි 1
  • යෝගට් 1
  • ලුණු ස්වල්පයක්
  • බටර් මේසහැඳි 2 ක් 
  • මද රස්නෙ වතුර ටිකක්
සාදා ගන්නා අයුරු:-
  • පාන්පිටි වලට ලුණු , බේකින් පව්ඩර් ,බේකින් සෝඩා දාලා කලවම් කරගන්න.
  • මේකට වතුර ටික ටික දාලා අනාගන්න.
  • අතේ නොඇලෙන ගාණට අනලා හොඳට කවර් කරලා පැය 3-4ක් පිපෙන්න තියන්න.
  • ඊලඟට තව ටිකක් නීඩ් කරලා පොඩි බෝල හදලා තුනී කරගන්න.
  • තැටියක් ලිපේ තියලා රොටි දාලා පුච්චගන්න.
  • උණුවෙන්ම බටර් ගාගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now