හැමෝම අමාරුයි කියන ආස්මි ලේසියෙන්ම හදා ගන්න...

Healthy Food Recipes Sri lanka Food Recipes
By Subodha Jun 25, 2022 11:12 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සහල්පිටි 500 g
  • පොල් කිරි කෝප්ප ½
  • ලුණු තේ හැන්දක්

  • කිතුල්පැණි
  • දවුල්කුරුඳු කොළ
  • පැණි මිශ්‍රණය සඳහා සීනි ග්‍රෑම් 100 ක්
  • තෙල්


සාදන ආකාරය :

  • සහල් පිටි සහ පොල් කිරි, කැටි නොගහෙන සේ හොඳින් මිශ්‍ර කර ගන්න.  දවුල් කුරුඳු කොළ වලට වතුර ස්වල්පයක් දමා , හොඳින් කොටා ඉස්ම ටික මිරිකා ගන්න.  දවුල් කුරුඳු ඉස්ම, ටික වේලාවකට කලින් සදා ගත්‍ පිටි මිශ්‍රණයට එකතුකරන්න.(මෙය එක් කිරීමෙන් ආස්මි මිශ්‍රණයට නානු ගතියක් ලැබෙනු ඇත.) තෙල් තාච්චිය ලිපේ තබා, හිල් හැන්දක් ගෙන, හැන්දෙන් මිශ්‍රණය වට කිහිපයක් (දැලක් ලෙස) රවුමක් ලෙස වක් කර ගන්න.  ඉන්පසු එය දෙකට නවා අයින තද කර අනිත් පැත්ත හරවා බැද ගන්න. 
  • සීනි ග්‍රෑම් 100 ක් පමණ ගෙන එයට වතුර ටිකක් දමා ළිප තබා උකුවනතුරු උණු කරගන්න. මේ පැණි මිශ්‍රණයට ඔබට කැමැති පාටකින් ආහාර වර්ණක බිංදු කිහිපයක් එකතු කරගන්නට පුළුවනි. සීනි ටිකක් බඳුනකට දමා කර කරගෙන පැණි පාට වූ පසු වතුර දමා ඉතිරි සීනි එක්කර පැණිපාටට සීනි උණුකර ගන්න. දැන් සදා ගත් ආස්මි, දවස් 2-3 ක් පමණ තබා නැවත තෙලෙන් බැද උණු කරගත් පැණි රටාවකට වක් කර ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now


GalleryGallery