ලොකු පොඩි හැමෝම ආසාවෙන් කන ආමන්ඩ් බාර් ගෙදරදිම හදමු...
Healthy Food Recipes
Sri lanka Food Recipes
Sri Lanka Food Crisis
By Subodha
ආමන්ඩ් ප්‍රෝටීන් බාර්වල සියලුම වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර එය මාංශ පේශි ප්‍රෝටීන් සංස්ලේෂණය ප්‍රවර්ධනය කිරීමට සහ සිහින් පටක වර්ධනයට සහාය වේ. එය පරිවෘත්තීය වේගවත් කරන අතර මේදය දහනය කිරීමට උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය -
- ඕට් 300g.
- ගාගත් පොල් 50g .
- පේස්ට්‍රි පිටි හෝ ඕට් මස් 50g
- කජු 100g
- අවශ්‍ය තරමට ලුණු
- මී පැණි 175 g
- ලුණු මිශ්‍ර නොකළ බටර් 140 g
- පෙති කපන ලද හෝ කපාගත් ආමන්ඩ් 50 g
- සුල්තානා මුද්දරප්පලම් හෝ වියළි මිදි 50 g
සාදන අයුරු -
- පලමුවෙන් ම ඔට්ස් ටික බැද ගන්න .අඩු ගින්දරේ විනාඩි 05ක් පමණ .දැන් ඕට්ස් සහ පොල් ටික හොදින් අඹරා ගන්න . මීලගට කජු,ආමන්ඩ් සහ මුද්දරප්පලම් හෝ වියළි මිදි හීනියට කපා ගන්න .කපාගත් ද්‍රව්‍ය භාජනයකට දමා අඩු ගින්දරේ බැද ගන්න. විනාඩි 05 පමණ. මේ ආකාරයටම ඇට වර්ගද බැද ගන්න .ගොඩක් වෙලා බදින්න එපා. දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියා මීපැණි සහ බටර් එකතු කරන්න.
- මීපැනි මී පැනි ගොඩක් වෙලා රත් කරන්න හොද නැහැ.37c (98.6f)වඩා මිපැනි රත් වුන විට මීපැනි වල ගුණය අඩු වෙනවා.මෙතනදි මීපැනි උනුසුම් කීරීමක් පමණයි කල යුත්තේ . බටර් හොදින් රත් වුන පසුව කලින් සාදා ගත් සියල්ල මෙමෙ මිශ්‍රණයට එකතු කරන්න .රස අනුව ලුනු එකතු කරන්න . මිශ්‍රණය ගොඩක් වියලි නම් බටර් සහ මිපැනි ස්වල්පයක් එකතු කරන්න .
- මෙම මිශ්‍රණය අතට ගත් විට බෝලයක් සාදා ගැනීමට හැකිනම් පදම නිවැරැදියි.සෑම විටදිම අඩු ගින්දරේ පාවිච්චි කරන්න . දැන් මේ සාදාගත් මිශ්‍රණ ට්‍රේ එකකට හෝ වෙනත් පැතලි භාජනයකට දමා අගල් 1/2 පමණ පැතලි කර කපා ගන්න . ඔයාලට මේක ශීතකරණයේ නොදා සති 03 තියා ගත හැකි අතර ශීතකරණයෙ දමා මාස 5-6 තියා ගත හැකිය .
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |