මන් වැඩියෙන් ආස හිරුනිකා ගවුම් අදිනවට.. හිරුනිකාගේ ස්වාමියා කිව්ව කතාව.. (PHOTOS)
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන කාන්තා චරිතයක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා තමයි හිරාන් යටිඕවිට කියලා කියන්නේ. ඉතින් බන්ධනා ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හමුවට එන අපූරු කඩවසම් රංගන ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේම නිරූපණ ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන ඔහු විසුල අහස යට නාට්‍යයටද රංගන දායකත්වය ලබා දුන්නා. ඉතින් විසුල අහස යට ටෙලි නාට්‍යයට පසුව අහස් නාට්‍යයේද රංගනයෙන් දායක වුනු ඔහුගේ එම නාට්‍ය තවම විකාශය වුනේ නම් නැහැ. ඉතින් කළා කටයුතුත් සමඟ ඔහු කාර්යබහුල වෙන්න අකමැති ඔහුගේ පවුලට ඔහු අංක එක ලබා දීලා තියෙන නිසාලු.
ඉතින් ඒ වගේම ඔහු වැඩිපුර රංගනයට දායක වන්නේ නැත්තේ ඔහුගේ ආදරණීය බිරිඳ, එහෙමත් නැත්නම් හිරුණිකා ඔහුගේ රංගනයට වැඩි කැමැත්තක් නොදක්වන නිසාලු. ඉතින් ඔහුගේ බිරිඳ දේශපාලන කටයුතු සමඟ කාර්යබහුල වෙලා ඉන්න කාලය තුලදී ඔහුත් රංගන කටයුතු සමඟ කාර්යබහුල වුනොත් ඔවුන්ගේ පුංචි කැදැල්ල ගැන බලන්න අවශ්‍ය නිසාලු ඔහු මේ විදිහට රංගනයෙන් ඈත් වෙලා ඉන්නේ.
ඉතින් ඒ වගේම දරුවන් තුන් දෙනෙකුගේම දෙමව්පියන් වන මේ ආදරණීය යුවල තවමත් පෙම්වතුන් වගේම නිතරම කෝල් කරනවාලු, එකිනෙකා ගැන හොයලා බලනවාලු. ඉතින් විවාහ වෙලා අවුරුදු හතක් ගත වුනත් සතුට දුක අතරින් මේ විදිහට සාර්ථකව පවුල් ජීවිතය ගත කරන්න ඔවුන්ට හැකියාව ලැබුනේ දෙදෙනාගේම කැප කිරීම නිසා කියලයි ඔහු කියන්නේ
. ඉතින් කොයි තරම් කාර්යබහුල වුනත් දරුවන්ගේ හැම වැඩ කටයුත්තක්ම මේ දෙදෙනා එකතුවෙලා කිරීම විශේෂත්වයක්. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන මේ ආදරණීය යුවල ඉඳල හිටලා හරි රණ්ඩු වෙන්නේ ඔහුගේ ඇති අපිළිවෙල නිසා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු හිරුණිකා සමඟ විවාහ වුනෙත් ඇය දේශපාලනය කරන බව දැනගෙනමලු. ඒ වගේම ඔහුත් දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්ලු.
ඉතින් ඔහු කලාව කලාට ඔහුට දේශපාලනයත් හොඳටම හුරුයිලු. කොහොම නමුත් ඉදිරියේදී ඔහුට සිනමාවේ චරිත ලැබුනොත් ඔහු ඒවා බාර ගන්නවාලු. ඉතින් ඉඳ හිට හොඳ චරිතයකට දායක වෙන්න බලොරොත්තු වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.








