මන්නා පිහියෙන් සුළැඟිල්ලට කොටා අවසන් කළ අනියම් පෙම..

Galle casual love Halivala Hillside vaththa
By Sewvandhi Mar 07, 2022 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ගාල්ල හාලිවල, හිල්සයිඩ්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් තවත් කාන්තාවකට පෙරේදා (05 දා) රාත්‍රී මන්නා පිහියකින් පහරදී තිබෙනවා.

එම කාන්තාව තුවාල සිදුකොට ඇති අතර තුවාල ලැබූ කාන්තාව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසනවා.

මන්නා පිහියෙන් පහරදීම නිසා තුවාලකාරියගේ සුළැඟිල්ලට හානිවී ඇති බවද පොලිසිය වාර්තා කරනවා.

පහරදීමට සම්බන්ධ කාන්තාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 44 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.

අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බැව් පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (06 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now