”‍මාව අතවර කරලා ලයිට් එක දැම්මා” ගෙදරට පැන එක්දරු මවක් දූෂණය කළ තිදරු පියාට වෙච්ච දේ.

Police Sri Lanka Gossips High court decision
By Aruna Dec 14, 2021 08:46 AM GMT
Report

ගම්පහ හෙන්ඩිමහර ප‍්‍රදේශයේදී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවසේ සිටි එක් දරු මවක දූෂණය කිරීම යන චෝදනාවලට වරදකරුවූ අයකුට බරපතළ වැඩ ඇතිව වසර 23ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නියම කර තිබෙනවා.

එම සිරදඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55000ක දඩයක් ද නියම වී තිබෙනවා.

වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර තිබෙනවා.

දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිරදඬුවමක් නියම වී ඇති බවත් සඳහන්.

නිවසකට අයුතු ඇතුළු වීමේ චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 08ක සිරදඬුවම සහ ස්ත‍්‍රී දූෂණය යන චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 15ක සිරදඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට නියම කළ මහාධිකරණය දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට නියම වූ මාස 06 බැගින් වූ සිරදඩුවම ද වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවම ද වෙන් වෙන් වශයෙන් ගෙවී යායුතු බවට නියම කළා.

ගම්පහ හෙන්ඩිමහර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්. එස්. එම්. සෙනරත් බණ්ඩාර රාජවර්ධන නමැති 56 හැවිරිදි තිදරු පියකුට මෙසේ සිරදඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම වි තිබෙනවා.

2015 වර්ෂයේ ජුලි මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී චුදිත විසින් ඉහත වැරදි සිදු කර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය වෙලා.

එවකට තිස් නම වැනි වියේ පසු වූ වින්දිත කාන්තාව තම කුඩා දරුවා සමග කාමරයක් තුළ නිදා සිටියදී ප‍්‍රධාන ස්විචයෙන්ව නිවසේ විදුලිය විසන්ධි කර ඇති විත්තිකරු පිහියක් පෙන්වා මරණ බවට බිය ගන්වා තමාට අවනත නොවූව හොත් සාක්ෂි නොමැති මිනී දෙකක් නිවස තුළ තිබිය හැකි බවට පවසා වින්දිත කාන්තාව බිය ගන්වා තිබෙනවා.

විත්තිකරුට මිනීමැරුම් නඩුවක් ඇති බවට වින්දිත කාන්තාව දන්නා හෙයින් මරා දමාවි යැයි සිතා බිය වී ඇති බවත් සඳහන්’ ඉහත වැරදි විත්තිකරු විසින් සිදු කිරීමෙන් අනතුරුව විත්තිකරු විසින් ම නිවසේ විදුලිය දල්වා තිබෙනවා.

අනතුරුව වින්දිත කාන්තාව විත්තිකරු හොඳින් හඳුනාගෙන ඇති බව මහාධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

නඩු විභාගය ආරම්භයේ දීම විත්තිකරු මහා අධිකරණය මගහැර තිබියදී මහාධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවක් මත විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව නඩු විභාගය අවසන් වන තුරුම වසර තුනකට ආසන්න කාලයක් අධිකරණ නියමයෙන් විත්තිකරු රිමාන්ඕ භාරයේ පසුවූ බවට ද සඳහන්.

වින්දිත කාන්තාවට චූදිත විසින් අපරාධය සිදු කරන කාලයේ දී වින්දිත කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිට ඇති බවත් මෙම අපරාධය සූක්ෂම ක‍්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පෙර සූදානම් වී සිදුකළ අපරාධයක් බවත් පැමිණිල්ල මෙහෙයවමින් රජයේ අධිනීතිඥ ඔස්වල්ඕ පෙරේරා මහාධිකරණය හමුවේ පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now