ඖෂධ ලොව රජු හීන් බෝවිටියා ගුණ ගැන ඔබ දන්නවාද..?
ශ්‍රි ලංකාව කියන්නේ විසිකරන ඕනම දෙයක් පැලවෙන් හරි අපූරු භූමියක්. ඒ වගේම විවිධ වර්ගයේ දේශිය ඖෂධීය පැලෑටි වලින් බහුල රටක් . ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. අතීත හෙල සිංහල වෙදකම අදටත් බටහිර වෛද්‍ය විද්‍යාව පරදන්නේ මෙන්න මේ ඖෂධ වර්ග නිසාය. ඒවා අතරින් හීන් බෝවිටියා වලට ලැබෙන්නේ උසස් ස්ථානයක්.
අප රට පමණක් නොව බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්. අද අපි කතා කරන්න යන්නේ මේ හීං බෝවිටියා සතු විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- සිරෝසීස් වැනි රෝග වලකයි.
- පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
- මුත්‍රා රෝග දුරු කරයි.
- විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
- අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
- ලේ පිරිසිදු කරයි.
- සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
- දද කුෂ්ට ආදිය දුරු කරයි.
- බඩේ අජීරණයන්ට ගුණය.
- දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
- කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
- අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
- ආහාර රුචිය ඇති කරයි.
- සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
- ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
- බඩ පුරවා දැමීම නසාලයි.
හීන් බෝවිටියා ශාකයේ හට ගන්නා කුඩා දම් පැහැ ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගනු ලබනවා.මේ හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ වශයෙන් වගේම දළු ඉතා රසවත්ව සම්බෝලයක් වශයෙන් සකසා ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි දළු මැල්ලුම් වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |