ලෙඩ රෝග බොහෝමයක් නසන හීන් බෝවිටියා කැද හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 09, 2022 11:15 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ලංකාව කියන්නේ විසිකරන ඕනම දෙයක් පැලවෙන් හරි අපූරු භූමියක්. ඒ වගේම විවිධ වර්ගයේ දේශිය ඖෂධීය පැලෑටි වලින් බහුල රටක් . ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්.

අපි බලමු මේ හීන් බෝවිටියා කැද හදා ගන්නේ කොහොමද කියලා .

1. හීං බෝවිටියා කොළ මිටක් හෝ දෙමිටක්

2. පොල් කිරි 

3. වතුර කෝප්ප

4. සුලූනු ගෙඩි 1

5. බීළුණු ගෙඩි 1

6. කැකුළු සහල් මිටක්

හොඳින් සෝදා පිරිසුදු කරගත් හීං බෝවිටියා කොළ මිටක් ගෙන වතුර කෝප්ප එකක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ වෙන්කර ගන්න. කැකුළු හාල් ලිප තබා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. පසුව ඊට පොල් කිරි, සුදුලූනු, බීලූණු එකතුකර මදක් තැම්බෙන්නට හැර හීං බෝවිටියා කොළ යුෂ එකතුකර පදමට ලුණුද එකතු කර හොඳින් කකරා විනාඩි පහක් පමණ තබා ලිපෙන් බා මදක් නිවුනු පසු පානය කරන්න. මෙහි රසයට අකමැති නම් වෙනත් පලා වර්ග එකතුකර රසය වෙනස් වන පරිදි සකස් කර ගත හැකිය. 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now