ලංකාවම එකතු වෙලා මොකක්ද මේ 6 වෙනිදා කරන්න යන්නේ..? හර්තාලය ගැන ඇහෙන අලුත්ම ආරංචි මෙන්න..

Sri Lanka Economic Crisis SL Protest
By Sewvandhi May 04, 2022 03:12 PM GMT
Report

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති හර්තාලයට සහය පළකරමින් එළඹෙන 06 වනදා ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට සමස්ථ ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

සමස්ථ ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද මේ බව ප්‍රකාශ කළේය. එළඹෙන සිකුරාදා දිනයේදී දෛනික කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

ඒ ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි, ගුරු ඇතුළු රාජ්‍ය සේවයේ සියලු ක්ෂේත්‍රවල වෘත්තිය සමිති හර්තාල් ව්‍යාපාරයක් කැදවා තිබීම හේතුවෙනි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය කැදවා ඇති බවයි එම වෘත්තිය සමිති අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.

හර්තාලයට සහය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය වෘත්තිය සමිති පැවසීය. දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය වෘත්තීය සමිති 40 ක් එක්වන බවය. කෙසේවෙතත් දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කළේ මෙම වර්ජනය සදහා තම සංගමය සහභාගී නොවන බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now