හර්ෂ ද සිල්වා අගමැතිකම ගැන අමුතුම දෙයක් හෙළිකරයි!.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිතව තිබියදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දිරච්ච ලණුවක් ලබාදුන් පුවතක් ගැන වාර්තා පළවනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරිමට සියල්ලම සුදානම්ව සිටියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් තමන් අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීමට සුදානම් බව දැනුම් දෙමින් ලිපියක් යොමු කරනු ලැබුවා.
එම ලිපිය යොමු කිරිමෙන් අනතුරුව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් සිය පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට කතා කරමින් පවසා ඇත්තේ සියල්ල විසඳා ඇති බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරිමට ජනාධිපතිවරයා විසින් පියවර ගන්නා ඇති බවයි.
මන්ත්‍රීවරයා එසේ පැවසුවද, ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත එවනු ලැබූ ලිපිය තැකීමක් නොකොටම මන්ත්‍රීවරුන් ගේ දැඩි ඉල්ලීම පරිදී ඊයේ පස්වරු 6.30 ට යෙදුණු සුභ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතාව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |