පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සමුළුවේදී හරිනිගෙන් විශේෂ නිවේදනයක්

Harini Amarasuriya Latest Headlines Women Sinhala news NPP Government
By R.rishma Nov 03, 2026 05:47 AM GMT
Report

කාන්තා නායකත්වය යනු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළඟා කර ගැනීමේ ඉලක්කයෙන් ඔබ්බට ගිය, ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (02) ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ පළමු සභා වාරයේ සමාරම්භක සැසිය අමතමිනි.   

“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිමත් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් සඳහා වන ආයෝජනය” යන තේමාව යටතේ මෙම සංසදය පැවැත්විණි. 

ජනතාවට බදු පිට බදු ගහලා ආඩම්බර වෙනවා - ජනපති ගැන සාගරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජනතාවට බදු පිට බදු ගහලා ආඩම්බර වෙනවා - ජනපති ගැන සාගරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ භූ දේශපාලනික අස්ථාවරත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, තාක්ෂණය හරහා සිදුවන අපයෝජන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.

විශේෂයෙන්ම ගෝලීය දකුණේ රටවල අත්දැකීම් සැලකිල්ලට ගත් විට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා සාමූහික ප්‍රවේශයක් අවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.

එමෙන්ම කාන්තාවන්ට බලය, ප්‍රාග්ධනය සහ ආරක්ෂාව ලබාගැනීමේදී පවතින ව්‍යුහාත්මක බාධා ඉවත් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. අවදානමට ලක්විය හැකි දූපත් රාජ්‍යයන්හි කාන්තාවන්ට දේශගුණික විපර්යාස හේතුවෙන් එල්ල වන බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ඒ සඳහා දේශගුණික යුක්තිය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය සඳහන් කළාය. 

“මුරසු” සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි

“මුරසු” සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි

තවද, ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් සඳහා ණය බරක් ඇති නොවන සෘජු දේශගුණික මූල්‍ය ආයෝජන ලබාදීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය. කාන්තාවන් වෙනුවෙන් සැබෑ සමානාත්මතාවක් ඇති කළ හැක්කේ වරින් වර සිදුකරන ප්‍රතිපත්ති සංශෝධනවලින් පමණක් නොව, සමස්ත සමාජයම එක්ව ශක්තිමත් සහ නොසැලෙන සන්ධානයක් ගොඩනැගීමෙන් බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ඒ සඳහා රජයන්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය මෙන්ම පුරුෂ පාර්ශ්වය ද සක්‍රීය හවුල්කරුවන් ලෙස එක්වීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. මේ අතර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සාමූහික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් 14 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට රජය සූදානම් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය. 

අනුරාධපුර ගැසට්ටුව ගැන ගම්මන්පිලගෙන් ආණ්ඩුවට සැර අභියෝගයක් - කරුණු 14ක් සමඟ මාධ්‍ය හමුවේදී සියල්ල හෙළි කරයි

අනුරාධපුර ගැසට්ටුව ගැන ගම්මන්පිලගෙන් ආණ්ඩුවට සැර අභියෝගයක් - කරුණු 14ක් සමඟ මාධ්‍ය හමුවේදී සියල්ල හෙළි කරයි

දැනට පවතින ප්‍රතිඥා සහ කැපවීම් අර්ථවත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරමින් සෑම කාන්තාවකටම සහ ගැහැනු දරුවෙකුටම සමෘද්ධිය, ස්වාධීනත්වය සහ අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීම සඳහා එක්වන ලෙස ද ඇය සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියාය. මෙම අවස්ථාවට මහා බ්‍රිතාන්‍යයේ කැමිලා රැජින, පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්, සම්භාවනීය අමුත්තන් සහ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.