හරීන් සජබය හැරයයි..! විශේෂ තීරණයක් ගනී..!

Parliament of Sri Lanka H M M Harees Sri Lanka Politician Samagi Jana Balawegaya
By Sewvandhi May 11, 2022 03:45 PM GMT
Report

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට දැනුම් දී තිබෙනවා.

තමාගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් දැනට තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අප සමග පවසා සිටියා.

අද සවස පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බවයි වාර්තා වන්නේ. රට තුළ උද්ගත වී ඇති අරාජික තත්වය සමනය කර ගැනීම සඳහා පක්ෂයක් ලෙස පියවර ගත් යුතු බවට පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් පක්ෂ නායකවරයාට යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවී නැහැ. මේ අතර වාරයේ උද්ගත වූ උණුසුම් වාද විවාද මධ්‍යයේයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු තමා පක්ෂය හැර යන බව පක්ෂ නායක වරයාට පවසා ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now