මියන්මාර් තරුණියක අතවර කළැයි තුනක් අත්අඩංගුවට..

Sri Lanka Police
By krishani May 16, 2022 09:18 AM GMT
Report
Courtesy: Lankadeepa

බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක දී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අද(16) දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණිය සංචාරක හෝටලය ආසන්න අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමඟ ගොස් සිටින විට ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර අනතුරුව ඇයව අතවරයට පත් කර ඇතැයි කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.

අතවරයට පත් තරුණිය ඇගේ මිතුරිය සමග අප්‍රේල් 30 වන දින මෙරටට පැමිණ එදිනම කටුනායක ගුවන් තොටුපොළේ සිට සංචාරක සමාගමක් සමඟ ඇල්ල වැල්ලවාය බදුල්ල, නුවර,නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කර නැරඹීමෙන් අනතුරුව මැයි 10 වන දින බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක ඉතිරි දින ගනන ගත කිරීමට නැවතීමට පැමිණ සිටිය දී වෙසක් පෝයට පෙර දින අසල අවන්හලකට ගොස් සිටිය දී මෙම අතවරයට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා වන වයස අවුරුදු 40, 28, සහ 23 හැවිරිදි තිදෙනා බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join