තම 15 හැවිරිදි පෙම්වතිය මිතුරන් 7කට අලෙවි කළ පෙම්වතා
මාවතගම පොලිසිය විසින්, මත් පෙති වෙනුවෙන් සිය 15 හැවිරිදි පෙම්වතිය මිතුරන්ට අළෙවි කළ පෙම්වතෙකු සහ එම බාලවයස්කාරිය දුෂණය කළ ඔහුගේ මිතුරන් හත් දෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන හිබෙනවා.
මෙම බාලවයස්කාරිය නිකවැරවීය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇගේ මව ඇය කුඩා කාලයේදීම පවුලේ සාමාජිකයන් අතහැර ගොස් තිබෙන අතර එතැන් සිට මුන්දලමේ පදිංචිව සිටින මිත්තනියගේ රැකවරණය යටතේ ඇය හැදි වැඩි තිබෙනවා.
විෂරේශන වලදී අනාවරණය වී තිබෙන්නේ මෙම බාලවයස්කාර මිත්තණියගේ අවවාද පිළිනොගන්නා බවයි. දඩබ්බර තැනැන්නියක් වන ඇය රැකවරණයෙන් මිදි පලා ගොස් සිටියදී පොලිසියට හසු වී අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයේ දී රඳවා කළ ප්‍රශ්න කිරීමවල දි මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
එහිදි සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය 23 හැවිරිදි තරුණයකු සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගෙන ඇති අතර එහිදී ඇය දූෂණය වූ බවයි.
අනතුරුව ඔහු ඇයව මිතුරන්ට අළෙවි කළ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කොට තිබේ. මෙසේ ඇය දූෂණය වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 22 සිට නොවැම්බර් නව වැනි දා දක්වා වූ කාලය තුළ දී බවයි පොලිසිය පවසයි
මෙම සිදුවීමට සම්බන්ධයෙන් මෙම දියණියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වේ.