ගෙදර අයට නිදිපෙති දීලා දියණිය දුෂනය කල අනියම් සැමියා..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Child Abuse
By Sewvandhi Oct 14, 2023 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 13 හැවිරිදි පාසැල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියකට අදාළ දැරියගේම මවගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තියනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ද එම දැරිය පදිංචි නිවසේම වාසය කර ඇති අතර දූෂණයට ලක්වූ දැරියගේ පියා මියගොස් තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරියගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මෙන්ම මව සහ සීයා ද මෙම නිවසේ ජීවත්ව වෙලා තියනවා.

අනාවරණය වී ඇත්තේ, එම දැරියගේ මවගේ අනියම් සැමියා නිවසේ සියලු දෙනාට තේ සකසා දී ඇති අතර එම තේ පානය කිරීමෙන් පසු සියලු දෙනාටම තදින් නින්ද ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී අපයෝජනය සිදු වී ඇති බවටයි.