කලක් තිස්සේ බාලවයස්කාර පිරිමි දරුවෙකුට අතවර කල යාලුවාගේ තාත්තා - මෙරටින් ඇසෙන සංවේදී පුවත..

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Child Abuse
By Sewvandhi Aug 14, 2023 02:32 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අගුරුවාතොට පොලිසිය සඳහන් කළේ, කලක් තිස්සේ බාල වයස්කාර පිරිමි දරුවෙකුට අතවර කළ පුද්ගලයෙකු 14 දා අත් අඩංගුවට ගත් බවයි.

මෙම දරුවා 5 වසර පංතියේ ඉගෙනුම ලබන අතර මිත්තනිය භාරයේ තබා මව නිවෙසක වැඩ කිරිමට යන බවත් සැකකරුටද එම වයසේම දරුවෙකු සිටින බවත් පොලිසිය පවසනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, ඔවුන් දෙදෙනා එකට අමතර පංතියකට යන බවත් නිවෙසට රැගෙන එන්නේ සැකකරුගේ යතුරුපැදියෙන් බවයි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරු තම දරුවා යතුරුපැදියේ පිටුපස නන්වා ගන්නා අතර මෙම අපයෝජනය ලක් දරුවා ඉදිරිපස නන්වා ගෙන එන අතර දරුවාගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කරමින් පැමිණෙන බවයි.

එනම් මෙහිදී, සැකකරු තම දරුවා වින්දිත දරුවාගේ නිවෙස අසලට කැදවාගෙන ගොස් ඔහුට සරුංගල් යැවීමට සලස්වා මෙම දරුවාගේ නිවෙසට ගොස් කවුද සිටින්නේ කියා විමසා කිසිවෙකුත් නොමැති බව දැන ගෙන කුස්සියට කැදවාගෙන ගොස් අතවර කර ඇති අතර ඒ බව දරුවා අසල්වැසි කාන්තාවක් සමඟ පවසා තිබෙන බවද අනාවරණය වි තිබේ.

මේ අනුව 13 දා සවස දරුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව 46 හැවිරිදි යාලගල, පෙතිගමුකන්දේ පදිංචි දෙදරු පියෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. දරුවා වෛද්‍ය පරික්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදිප් ආනන්ද ද සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශ්ශංක යන මහත්වරු ඇතුළු නිලධාරින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරති. (ගල්පාත-චන්දන පෙරේරා)