දියණියට ලිංගික අතවර කළ පුද්ගලයාව 6 දෙනෙකු එක්ව දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඝාතනය කරයි..!

By Sewvandhi Aug 14, 2023 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් අතර අවුරුදු 28 සහ 42 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වන බවය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා පෙර දින එක් සැකකාරියකගේ 09 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකර ඇති බවය.

ඒ හේතුවෙන් එම කාන්තාවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පොලුවලින් පහර දී ඇත. පසුව එක් සැකකාරියකගේ සහෝදරයා ද තවත් අයෙකු සමඟ පැමිණ අදාළ පුද්ගලයාට පහර දී යතුරු පැදියකින් රැගෙන ගොස් දෙපා ගැටගසා ළිඳක ගිල්වා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව අදාළ තැනැත්තා ත්‍රීරෝද රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් දමා තිබේ. මියගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් කෝපායි, අරසඩි සහ සිත්තන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.