බාලවයස්කාර මිණිබිරියට දෑත් දෙපා ගැටගසා බරපතල අතවර කළ හැත්තෑ හැවිරිදි සීයා

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 12, 2023 01:40 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිසිය විසින් මිනිබිරියට අතවර කළ හැත්තෑ හැවිරිදි සීයා කලවාන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇලපාත ප්‍රදේශයේ දී පොලීසිය විසින් මෙම සීයාගෙන් සිදුවන ලිංගික හිරිහැර ඉවසා දරාගැනීමට නොහැකි වූ 15 හැවිරිදි දැරිය කලවාන පිටිගල කන්ද ප්‍රදේශයේ පදිංචි නිවසින් පලා යාමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්පසුව පොලිස් නිලධාරීන් විසින් කරුණු විමසීමේ දී දැරිය සීයා ගෙන් සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් දැනුවත් දැණුවත් කර තිබෙනවා.

පොලිසිය හමුවේ දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ අවධියේ සිට නිවසේ සිටි දැරියගේ දෑත් දෙපා ගැටගසා වද හිංසා පමුණුවා ලිංගික හිංසන සිදු කර ඇති බවයි.

සිය මවගේ පියා ගෙන් සිදුවන මෙම හිංසන හේතුවෙන් ඇය නිවසට නැවතත් යාමට නොහැකි බවද පොලිසිය හමුවේ ඇය අවධාරණය කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.