හංවැල්ල කැළඹූ ඝාතකයාගේ යතුරු පැදිය සොයාගැනේ - යතුරු පැදිය අවට තිබූ දේ..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Dec 19, 2022 01:21 PM GMT
Report

හංවැල්ල ප්‍රදේශයේ දී ආපන ශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බවට සැකකෙරෙන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලීසිය අද පස්වරුවේ සොයා ගත්තා.

සොයාගත් එම යතුරු පැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකා දමා ඇති අතර ඉදිරි සහ පිටුපස අංක තහඩු ද නොමැති බවත් පොලිසිය කියයි. යතුරු පැදියේ පැමිණි ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු හිස ඇතැයිද පොලීසිය කියයි

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයා මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබා දීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බව බොහෝ දුරට සැකකරන සැක කරන බව පොලීසිය කියයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now