පොරවෙන් කොටා සිසුවිය ඝාතනය කර,හාලි-ඇලම බියවැද්දූ ඝාතකයා පොලීසියට එයි..!

murder Sri Lanka crime Hali Ela Uduvara vaththa
By Sewvandhi Mar 09, 2022 02:30 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොරවකින් පහරදී පාසල් සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසියට භාරවී තිබේ. 33 හැවිරිදි එම පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව හාලිඇළ පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් නතර කිරීම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවය.

හාලිඇළ ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනයෙන් මියගොස් තිබුණේ වයස අවුරුදු 18ක හාලිඇළ උඩුවරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි.

ඊයේ (08) දහවල් පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙම අමානුෂික පොරෝ ප්‍රහාරයට ලක්ව තිබුණි. සැකකරු සහ මියගිය සිසුවිය අතර මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති අතර පසුව එය නතරවී තිබේ.

එය නැවත ආරම්භ කිරීම සඳහා සැකකරු විසින් සිසුවියට නිතර බලපෑම් කරඇති අතර ඊට අකමැතිවීම නිසා මෙම ප්‍රහාරය එල්ලකර බව පොලීසියට භාරවූ සැකකරු සඳහන් කර ඇති බව වාර්තා විය. 

සිසුවියගේ ගෙලට සහ හිසට එම පොරෝ පහර එල්ලවී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now