පොහොට්ටුවේ ප්‍රබලයෙක් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙයි.. (PHOTO)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lankan political crisis
By krishani May 07, 2022 12:07 AM GMT
Report

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ ගුණපාල රත්නසේකර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත (05)දින භාරදුන් බවයි ඔහු ඊයේ(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමේ සුදුසු වාතාවරණයක් නොමැතිවීම ඉල්ලා අස්වීමට හේතුව බව ද ඔහු සඳහන් කළහ.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වූ විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery