ධර්මාශෝක විදුහල අසල වෙඩි තැබීම ගැන අලුත්ම ආරංචියක්..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 02, 2023 08:10 AM GMT
Report

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින්, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

කරන්දෙණිය දෙමටගහකන්ද ප්‍රදේශයේ, විශේෂ බළකා විශේෂ මෙහෙයුම් දෙවන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් පදවාගෙන පැමිණි යතුරුපැදිය සඟවා ගෙන සිටිමේ චෝදනාව යටතේය.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.