මාලිගාවත්ත වෙඩි තැබීම ගැන ලැබුණ අලුත්ම තොරතුර.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Sep 01, 2023 05:50 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (01) දහවල් මාලිගාවත්ත - සෙවණ මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු විය.

ඒ අද විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකටයි.

එහිදී රතු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම වෙඩි ප්‍රහාරයෙන් එම සේවා  ස්ථානයේ හිමිකරු වන මාලිගාවත්තේ ප්‍රදීප් නැමැත්තා තුවාල ලැබීය.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ ඔහු පංචිකාවත්තේ නෙවිල් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවයි.

ඔහුට මෙම යතුරුපැදි සේවා ස්ථානය විවෘත නොකරන ලෙසට විවිධ පාර්ශ්වවලින් තර්ජන එල්ල වී තිබෙනවා.

මේ අතර පොලිසිය සැක කරන්නේ  කෙසෙල්වත්තේ දිනුකගේ පර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.