වෙඩි තැබීමක් - පුද්ගලයෙක් වහාම රෝහල්ගත කරයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Gun Shooting
By krishani Aug 05, 2023 06:51 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (05) උදෑසන වැලිවේරිය - ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේ ය.

තුවාලකරු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.

මෙම වෙඩ් වැදීමට ලක් වූ පුද්ගලයා කලකට ඉහත දී ඝාතනය ලක් වූ පස් පොඩ්ඩා නැමැත්තාගේ රියැදුරෙකු ලෙස කටයුතු කර ඇත.

පොලිසිය සඳහන් කළේ මෙම වෙඩ් තැබීම ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි.

වෙඩ්ක්කරුවන් පැමීණි යතුරුපැදිය එම ස්ථානයේ අතහැර පළාගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  වැලිවේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.