අභිනවයෙන් වැඩ භාරගන්න ගිය සභාපතිට වෙඩි ප්‍රහාරයක්.

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By krishani Jun 05, 2023 04:56 AM GMT
krishani

krishani

in අපරාධ
Report

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි පුද්ගලයෙක්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අද (05) උදෑසන 7.35ට පමණ පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී ය.

එම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ,  දර්ශන සමරවික්‍රම නැමැති අයෙකු ය. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මීගොඩ පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇත.

එමගින් ඔහුගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලීසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join