පාසලක් අසල වෙඩිල්ලක් - එකම පවුලේ තුන් දෙනෙක් තුවාල ලබයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Gun Shooting
By krishani Oct 21, 2023 05:27 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (21) අහුංගල්ල ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්නයේ දි වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අහුංගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් ය.

නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇති අතර එහිදී ස්කූටරයේ ගමන් කරමින් සිට ඇත්තේ මව, පියා හා දරුවායි. 

වෙඩි තැබිමෙන් තුවාල ලැබු තිදෙනා ප්‍රතිකාර සදහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවට තොරතුරු අනාවරණය වී ඇත.