ග්‍රෑන්ඩ්පාස් තරුණයාගේ බිහිසුණු ඝාතනය CCTV ඇසට හසුවෙයි - සංවේදී වීඩියෝ සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 06, 2023 08:22 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (05) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී තරුණයෙකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තිබුණි. පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයා සමග කලක පටන් පැවැති පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වූ තරුණයා, නාගලගම් වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර එයින් බේරීම සඳහා මියගිය තරුණයා අසල වෙළෙඳසැලක් තුළට දිවගොස් තිබෙනවා.

ඔහු ලුහුබඳී පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් පහරදීමෙන් පසු පළාගොස් තිබේ. පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

එම පහරදීම අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි. අනතුරුව පහරදුන් පිරිස පළාගොස් ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයාව ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.