තවත් මනුෂ්‍ය ඝාතනයක් - තරුණයකු බිහිසුණු ලෙස ඝාතනය කෙරේ..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 06, 2023 05:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තියුණු ආයුධයකින් පහරදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තරුණයෙක්ව ඝාතනය කර ඇත.  ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ඊයේ (05) සවස ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේ දී මේ බව අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක් වූ තරුණයා, නාගලගම් වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර එයින් බේරීම සඳහා මියගිය තරුණයා අසල වෙළෙඳසැලක් තුළට දිවගොස් තිබෙනවා.

ඔහු ලුහුබඳී පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් පහරදීමෙන් පසු පළාගොස් තිබේ. පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මියගිය 25 හැවිරිදි තරුණයා, සමග කලක පටන් පැවති අමනාපයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.