බහුතරය පෙන්වන ඕනෑම කණ්ඩායමකට නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනපතිගෙන් ආරාධනාවක්..!

Sri Lanka Gotabhaya Rajapaksha Economic crisis Parasanna Ranathunga
By Sewvandhi Apr 04, 2022 02:34 PM GMT
Report

පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වන කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරන බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ අදහස් පල කර සිටියේ අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂ වලට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා විවෘත ආරාධනාවක් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ද මේ දිනවල ඉතා උවමනාවෙන් බලා සිටින බවත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියා.

දිගින් දිගටම ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම සටන් කළ බවත් ඔවුන් බලාපොරොත්තු වූ අවස්ථාව දැන් ලැබී ඇති බවත් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ හැකියාව පෙන්වීම බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now