"..කිසිදු විටෙක ජනපතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ.." හේතුව මෙන්න..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකියාවක් නොමැති බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ දෝෂාභියෝග යෝජනාවක් ගේන්න නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කළ යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා
"ජනාධිපතිවරයාට එරෙහිව ගේන්න ඕන දෝෂාභියෝග යෝජනාවක්. දෝෂාභියෝග යෝජනාවක් ගේන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කරන්න ඕන. කථානායකවරයාට භාරදෙන්න ඕන. කථානායක සෑහීමකට පත්වෙන්න ඕන. ඒ දැන්වීම පිළිබඳව. එහෙම සෑහීමකට පත්වුණොත් විතරයි න්‍යායපත්‍රයට ඇතුලත් කරන්නේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වෙන්න ඕන.
මෙන්න මේ ක්‍රියාව හැර කිසිදු ආකාරයකට ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න බෑ. අපි හිතනවානම් මේ ජනාධිපතිවරයාටත් විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුලුවන් කියලා ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒක කථානායකවරයාට ඉෂ්ඨ කරන්න බෑ. කථානායකවරයාට ඒක භාරගන්නවත් බෑ. අඩුගානේ න්‍යායපත්‍රයටවත් ඇතුලත් කරන්න බෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |