ජනපති හදිසියේම සිදු කළ දේ.. මෙන්න...
අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මන්දිරයේදී හෙට (2) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. යෝජනාවලිය එම කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.
අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ බවත් අන්තර්වාර පාලනය සියලු පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවත් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් ජනපති මන්දිරයේදී පසුගිය 29 වැනිදා පැවැත්වි
ණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |